පින්තූරයක වර්ණය සීරුමාරු කිරීම
පින්තූරය
උසස් සැකසුම්
වර්ණය
- වර්ණ ගැඹුර
- තිරය මත දිස්වෙන වර්ණ පහළට හෝ ඉහළට සකස් කරන්න. 100 වෙත වඩාත් සමීප වන විට වරණය වඩාත් ගැඹුරු වේ.
- වර්ණ විශේෂය
- තිරයේ දිස්වන රතු සහ කොළ අතර වර්ණ තුලනය සීරුමාරු කිරීම. රතු 50 වෙත වඩාත් සමීප වන විට, වර්ණය වඩාත් රතු වනු ඇත. කොළ 50 වෙත වඩාත් සමීප වන විට, වර්ණය වඩාත් කොළ වනු ඇත.
- සියුම්ව සකසන්න
-
රූපය සියුම්ව සැකසීමට ඔබ කැමති ලෙස වර්ණ සීරුමාරු කරන්න.
- වර්ණය සීරු මාරු කිරීම
- රූපය වඩා වර්ණවත් සහ සජීවී කිරීමට පින්තූරයෙහි වර්ණය සහ සංතෘප්තිය සීරුමාරු කරන්න.
- ධවල තුලනය
-
සුදු පැහැය මත පදනම්ව වඩාත් නිවැරදිව ප්රතිනිෂ්පාදනය කිරීම සඳහා එකිනෙක වර්ණය වෙනස් කිරීමේ ක්රියාකාරීත්වය මගින් තිරයේ සමස්ත වර්ණ පැහැය ඔබේ මනාපයට අනුව සීරුමාරු කිරීමට ඔබට ඉඩ ලබා දේ.
- වර්ණ උෂ්ණත්වය
- සංදර්ශකයට සිසිල් හෝ උණුසුම් පෙනුමක් ලබා දීමට ඔබට වර්ණය සැකසිය හැකිය.
ආදාන සංඥාව හෝ තෝරා ගත් පින්තූර ප්රකාරය මත පදනම්ව, ලබා ගත හැකි විකල්ප වෙනස් විය හැකිය.
වින්යාස කළ හැකි අයිතම මොඩියුලය මත පදනම්ව වෙනස් වේ.